ගුරු ගෙදරට පුනරුදයක් යටතේ ක්‍රියාත්මක නව ව්‍යාපෘති
01. පුනරුද ශක්ති ව්‍යවසායක ණය ව්‍යාපෘතිය
සාමාජිකයන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කරමින් නව ව්‍යාපාර ආරම්භ කිරීමට සහාය වන මූල්‍ය පහසුකම් සැලසීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුකෙරේ. කෘෂි කර්මාන්තය,සත්ව පාලනය,රූපලාවන්‍ය ව්‍යාපාර ,ගෘහස්ථ ව්‍යාපාර හා පිළිගත් අනෙකුත් ව්‍යාපාර සඳහා මෙම ව්‍යාපෘතිය මඟින් ණය පහසුකම් ලබාදේ.
02. සාමාජීක රක්ෂණාවරණ ව්‍යාපෘතිය
සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අනපේක්ෂිත අවස්ථාවලදී ඇතිවිය හැකි මූල්‍ය අවදානම්වලින් ආරක්ෂාව සැලසෙන රක්ෂණ පහසුකම් හඳුන්වාදීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ. එමඟින් සාමාජිකයන්ට මූල්‍ය බලපෑම් අවම කර ගැනීමට සහ මූල්‍ය සුරක්ෂිතතාව ශක්තිමත් කර ගැනීමට අවස්ථාව සැලසේ.
03. EDCS සමෝධාන කෘෂි උද්‍යාන ව්‍යාපෘතිය
නවීන තාක්ෂණය සහ පරිසර හිතකාමී ක්‍රමවේද භාවිතයෙන් ගොවිතැන, සත්ව පාලනය, කෘෂි අධ්‍යාපනය හා කෘෂි සංචාරක ක්‍රියාකාරකම් ඒකාබද්ධ කරමින් ක්‍රියාත්මක වන කෘෂි උද්‍යාන ව්‍යාපෘතියකි. කෘෂි හා සත්ව නිෂ්පාදන දේශීය හා අපනයන වෙළෙඳපොළ සඳහා සෘජු මෙන්ම අගය එකතු කළ නිෂ්පාදන ලෙස ඉදිරිපත් කරමින්, තිරසාර හා ආදර්ශවත් කෘෂිකාර්මික පරිසරයක් ගොඩනැගීමට මෙමගින් කටයුතු කෙරේ.
04. ‘’සූර්ය සවිය’’ EDCS ණය ව්‍යාපෘතිය
සාමාජිකයන්ගේ විදුලි වියදම් අවම කරමින් ඔවුන්ගේ ආර්ථිකයට සහනයක් සැලසීම සහ අනාගත ආදායම් මාර්ගයක් නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින් නවීන සූර්ය විදුලිබල පද්ධති හඳුන්වාදීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කෙරේ. එමෙන්ම පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කරමින් ජාතික බලශක්ති අවශ්‍යතාවයට දායක වීම මෙහි අපේක්ෂාවයි.
05. සංචාර සිහිනයට මූල්‍ය සවියක් ව්‍යාපෘතිය
විදේශීය සංචාර සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සලසන ව්‍යාපෘතියකි. පවතින විදේශ සංචාර ණය පහසුකම තවදුරටත් පුළුල් කරමින්, දේශීය සංචාර සඳහාද නව ණය පහසුකමක් හඳුන්වාදීම තුළින් සාමාජිකයන්ගේ සංචාරක අවශ්‍යතා සඳහා පහසු මූල්‍ය සහායක් ලබාදීමට කටයුතු කෙරේ.
06. 2027 ජයගනිමු හෙට දිනමු විභාග සාර්ථකත්ව අධ්‍යාපනික සම්මන්ත්රණ ව්‍යාපෘතිය
05 වසර ශිෂ්‍යත්ව, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින සිසුන්ට විභාග සාර්ථකත්වය සඳහා අවශ්‍ය දැනුම හා මඟපෙන්වීම ලබාදෙන අධ්‍යාපනික ව්‍යාපෘතියකි. දිවයින පුරා අධ්‍යාපනික සම්මන්ත්රණ පැවැත්වීමත්, විෂය නිර්දේශය ආවරණය වන අධ්‍යාපනික වීඩියෝ මාලාවක් නොමිලේ ලබාදීමත් තුළින් සිසුන්ට සමාන ඉගෙනුම් අවස්ථා සලසා දීමට කටයුතු කෙරේ.
07. 2027 සමූපකාර දින සැමරුම් තරගාවලි ව්‍යාපෘතිය
2027 ජාත්‍යන්තර සමූපකාර දිනයට සමගාමීව සේවකයින්ගේ දැනුම හා කුසලතා සහ සාමාජිකයින්ගේ නිර්මාණශීලී හැකියාවන් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසන තරගාවලියකි. දැනුම මිනුම් තරග, චිත්‍ර, කෙටි කතා හා නවකතා තරග ඇතුළත් මෙම වැඩසටහනේදී ජයග්‍රාහකයින්ගේ දක්ෂතා ත්‍යාග හා සහතිකපත් මගින් ඇගයීමට ලක් කෙරේ.
08. වෙළඳ හා අධ්‍යාපනික ප්‍රදර්ශන වැඩසටහන
වෙළඳ, අධ්‍යාපනික හා විනෝදාත්මක අත්දැකීම් එක් කරමින් දිස්ත්‍රික් මට්ටමින් ප්‍රදර්ශන වැඩසටහන් පැවැත්වීමට මෙම ව්‍යාපෘතිය මගින් කටයුතු කෙරේ. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම වසරකට ප්‍රදර්ශන 02ක් පැවැත්වීම තුළින් සිසුන්, දෙමාපියන් සහ ජනතාව සඳහා දැනුම, හා විනෝදාස්වාදය පිරි අත්දැකීමක් ලබාදේ.
09. ආශ්රිත සාමාජිකත්වය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.
සමිතිය සමඟ දිගුකාලීනව බැඳී සිටින සාමාජිකයන්ගේ සබඳතාව විශ්රාමයෙන් පසුවද අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ආශ්රිත සාමාජිකත්වය හඳුන්වාදීමට මෙම ව්‍යාපෘතිය මගින් කටයුතු කෙරේ. විශ්‍රාමික සාමාජිකයන්ට නැවත සමිතිය සමඟ සම්බන්ධ වී, ඔවුන් වෙත ලබාදෙන සුබසාධන සේවා හා ප්රතිලාභ ලබාගැනීමට අවස්ථාව සලසා ලබා දේ.
10.“නව මඟපෙන්වීමක් එකමුතු ආරම්භයක්“ සමිති අරමුදල් වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.
මෙම ව්‍යාපෘතිය තුලින් ණය නිකුත් කිරීමේ ශක්‍යතාවය වැඩි දියුණු කිරීම හා මූල්‍ය තත්වය ශක්තිමත් කිරීම සඳහා නව සාමාජික ප්‍රවර්ධනය,පැරණි සාමාජිකයන්ගේ සාමාජික අරමුදල වැඩි කිරීම සාමාජික හා සාමාජික නොවන ස්ථාවර තැන්පතු හා ළමා තැන්පතු රැස් කිරීම සිදු කරනු ලැබේ.
11. මහ පොළොවට පැළයක් දු දරුවන්ට ඵලයක් ව්‍යාපෘතිය.
දැයේ දරුවන්ගේ උසස් අධ්‍යාපනය සඳහා අත්වැලක් වීම හා ඔවුන්ගේ අනාගතයට ශක්තියක් ගෙන දීම සඳහා සාමාජික භවතුන්ගේ දරුවන් සඳහා සාමාන්‍ය වර්ධනයක් සහිතව මා පිය තිළිණ ඉතිරි කිරීමේ තැන්පත් සහ සාමාජීක නොවන අයගේ දරුවන් සඳහා වු මා පිය තිළිණ තැන්පත් වර්ධනය කිරීම.
